කන්ද උඩරට නිල් සටන විසඳුමක් නැතිව අවසන් වේ

106th Battle of the Blues

47

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 106 වැනි වරටත් පැවැති කන්ද උඩරට නිල් මහා සටන විසඳුමකින් තොරව අවසන් වූවා. කටුගස්තොට සාන්ත අන්තෝනි පිටියේ දී පැවැති මෙම තරගය මෙලෙසින් නිමා වු 72 වැනි අවස්ථාව මෙයයි.  

ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

මලිත් රත්නායක (නායක), ආදම් හිල්මි (කඩුලු රකින්නා), වතිල උදාර, දිමන්ත මහවිතාන, ස්වත් අනුරජීව, රජිඳු තිලකරත්න, පුලිශ තිලකරත්න, දිනාල් ප්‍රනාන්දු, චනිරු සේනාරත්න, තිසල් යාපා සහ රනුල් ගුණරත්න. 

 

සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

චාරුක ඒකනායක (නායක), ජනුක රත්නායක (කඩුලු රකින්නා), කෙවන් ප්‍රනාන්දු, තිළිණ එදිරිසිංහ, නේදන් ඊබට්, දිනුර ගනේගොඩ, බිමාෂ් සමරසිංහ, කෞෂික කුමාරසිංහ, සදෙව් අමරකෝන්, රයන් ග්‍රෙගරි සහ දිනුල් විජේසිංහ. 

කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු වෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී නුවර ක්‍රීඩකයන්ට ලබා දුන් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 314ක් ලබා ගන්නවා.  

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු පුලීෂ තිලකරත්න පන්දු 194කට මුහණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 106ක් ලබා ගන්නවා. ඊට අමතර ව ආදම් හිල්මි පන්දු 162කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 61ක් ලබා ගන්නවා.  

ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 132ක් එක් කරන අතර නැවත සිව් වැනි කඩුල්ලට ලකුණු 52ක් එක් කරමින් ත්‍රිත්ව ඉනිම ගොඩ නැගීමට පුලීෂ තිලකරත්න සහ විතිල උදාර සමත් වෙනවා. විතිල උදාර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 48ක්. ඒ වෙනුවෙන් ඔහු පන්දු 77කට මුහුණ දුන් අතර හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුලත් වෙනවා.  

ඔහුට අමතර ව ඔවුන්ගේ පළමු ඉනිම අත් හිටුවන විට දිනාල් ප්‍රනාන්දු පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ද සහ රජිඳු තිලකරත්න පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද ලබා සිටියා. 

කඩුලු දවා ගැනීමේ දී බිමාශ් සමරසිංහ කඩුලු 2ක්, තිලිණ එදිරිසිංහ, චාරුක ඒකනායක, රයන් ග්‍රෙගරි සහ දිනුර ගනේගොඩ කඩුල්ල බැගින් දවා ගන්නවා.  

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි  කටුගස්තොට ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 250ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා. එම ඉනිම වෙනුවෙන් කෞෂික කුමාරසිංහ පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 136ක් ලබා ගන්නවා.  

ඔහුගේ මෙම ඉනිම ක්‍රියාත්මක වෙන්නේ සාන්ත අන්තෝනි ඉනිමේ කඩුලු 5ක් ලකුණු 52කට අහිමි ව තිබු අවස්ථාවේදීයි. එහි දී ඔහු නායක චාරුක ඒකනායක අනෙක් අන්තයේ තබා ගනිමින් 6 වැනි කඩුල්ලට ලකුණු 82ක සබඳතාවක් ද ගොඩ නගනවා. චාරුක ඒකනායක පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගන්නවා.  

එම කඩුල්ලෙන් පසුව නැවත කෞෂික කුමාරසිංහ පෙරමුණ ගනිමින් කෙවන් ප්‍රනාන්දු හා එක්වෙමින් 7 වැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් එක් කරනවා. එහි දී කෙවන් ප්‍රනාන්දු පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා 

කඩුලු දවා ගැනීමේ දී තිසල් යාපා සහ චනිරු සේනාරත්න කඩුලු 3ක් බැගින් දවා ගන්නා ලද අතර ස්වෙත් අනුරජීව සහ මලිත් රත්නායක කඩුල්ල බැගින් දවා ගන්නවා.  

ලකුණු  64ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 99ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් පුලීෂ තිලකරත්න පන්දු 43ක දී ලකුණු 42ක් රැස් කරනවා. ඊට හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඇතුලත් කිරීමට ද ඔහු සමත් වෙනවා. ඊට අමතර ව රජිඳු තිලකරත්න ද පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී දිනුර ගනේගොඩ සහ තිලිණ එදිරිසිංහ කඩුලු ද්විත්වය බැගින් බෙදා ගනිද්දී චාරුක ඒකනායක කඩුල්ලක් දවා ගත්තා.   

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 314 (88.5) පුලීෂ තිලකරත්න 106, ආදම් හිල්මි 61, වතිල උදාර 48, දිනාල් ප්‍රනාන්දු නොදැවී 42, රජිඳු තිලකරත්න නොදැවී 23, බිමාෂ් සමරසිංහ 2/87
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 250 (85.3) කෞෂික කුමාරසිංහ 136, චාරුක ඒකනායක 31, කෙවන් ප්‍රනාන්දු 22, තිසල් යාපා 3/08, චනිරු සේනාරත්න 3/47
  • ත්‍රිත්ව විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 99 (19.0) පුලීෂ තිලකරත්න 42, රජිඳු තිලකරත්න 27, දිනුර ගනේගොඩ 2/22, තිළිණ ඒකනායක 2/16

තරගයේ විසඳුමක් නෑ.  

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<