මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 105 වැනි වරට පැවැත්වුණු ‘කඳුරට නිල් මහා සටන’ අද (16) ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.
මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී ඊයේ (15) ආරම්භ වූ තරගයේ දී මහනුවර සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් පළමු දිනය තුළ කඩුලු 9ක් දැවී ලකුණු 232ක් ලබා ගැනීමට සමත් වූ අතර, අද දිනයේ දී ඔවුන් එම ලකුණු සංඛ්‍යාව 259ක් දක්වා ඉදිරියට රැගෙන යාමට සමත් වුනා. මෙහි දී මනුල කුලරත්න ද ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනේ ඊයේ ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩකයින් ට අමතරවයි.
අන්තෝනි පළමු ඉනිමෙන් පසුව ත්‍රිත්ව ක්‍රීඩකයින් ඊට පිළිතුරු සැපයීම ආරම්භ කළ අතර ඒ වෙනුවෙන් ඔවුන්ගේ ආරම්භක පිතිකරු විදුක ධම්මගේ විසින් ලකුණු 70කින් සිය දායකත්වය ලබා දුන්නා.
- 105 වැනි කඳුරට නිල් මහා සටන ඇරඹේ!
- නිල් මහා සටන ජය පැරදුමෙන් තොරයි
- සාන්තුවරයන්ගේ සටනට සියල්ල සූදානම්
- විශේන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්
- සිනෙත්ගෙන් නායකත්වයේ ඉනිමක්
විදුක සාපේක්ෂව තරමක් ඉක්මනින් ලකුණු අතරට පිවිසුනත් ත්‍රිත්ව මැද පෙළ පිතිකරුවන් තරමක් මන්දගාමී ලෙස පිතිකරණයේ යෙදුණු නිසාම මෙය ද තවත් එක් ජය පැරදුමක් තොර තරගයක් වන බව පෙනෙන්නට තිබුණා. කෙසේ වෙතත් දිනයේ සවස් බාගය වන විට විද්‍යාල දෙකම පළමු ඉනිමේ ජයක් වෙනුවෙන් විශාල සටනකට පිවිසෙන බව පෙනී ගියා.
මෙහි දී ත්‍රිත්ව මැද පෙළ වෙනුවෙන් දිමන්ත මහවිතාන ලකුණු 39කින් සහ නායක මනුල කුලරත්න ලකුණු 36කින් සිය දායකත්වය ලබා දුන්නා. මීට අමතරව දිනූශ පීරිස් ද ලකුණු 21කින් ත්‍රිත්ව ඉනිමට සිය දායකත්වය සැපයූවා.
මේ අනුව දිනයේ අවසන් මොහොත වන වන විට ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් සඳහා යාමට ලකුණු 18ක් සහ සාන්ත අන්තෝනි විද්‍යාලයට එක් කඩුල්ලක් අවශ්‍ය ව තිබුණා. කෙසේ වෙතත් දිනය නිමා වන විට මේ එකදු සිදුවීමකට හෝ ඉඩ විවර නොවීම තරගය ජය පැරදුමෙන් තොරව නිමාව දුටුවා.
මෙහි දී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ බිමාශ් විදුදය කඩුලු 3ක් දවා ගනිද්දී, කවීශ පියුමාල් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
- හොඳම පන්දු රකින්නා– දිනූශ පීරිස් (ත්‍රිත්ව විද්‍යාලය)
- හොඳම පන්දු යවන්නා– බිමාශ් විදුදය (සාන්ත අන්තෝනි විද්‍යාලය)
- හොඳම පිතිකරුවා– විදුක ධම්මගේ (ත්‍රිත්ව විද්‍යාලය)
- තරගයේ වීරයා– තිසර ඒකනායක (සාන්ත අන්තෝනි විද්‍යාලය)
දේශීය පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමයේ තරග පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<