එංගලන්ත තරග සංචාරයේ දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක සඳහා සිදු කිරීමට නියමිත විනය පරීක්ෂණය සඳහා පංච පුද්ගල විනය කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙනවා.
එම ක්‍රීඩකයින් තිදෙනා UL504 දරන ගුවන් යානයෙන් පසුගිය දා (29) දිවයිනට පැමිණි අතර ඉන්පසුව ඔවුන්ව මීගමුව ප්‍රදේශයේ හෝටලයක දින 14ක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ (bio-bubble) නීති උල්ලංඝනය කරමින් Durham හි මාර්ගයක අදාළ ක්‍රීඩකයින් තිදෙනා රැඳී සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පට දෙකක් පසුගිය (28) සමාජ මාධ්‍ය හරහා සංසරණය වුනා.
තවත් ක්‍රිකට් පුවත්:
- ICC තරගාවලි 11ක සත්කාරකත්වයට රටවල් 17ක් සටනට
- භානුකට තහංචි දමා පුහුණුවීම්වලට කැඳවයි
- “ඉන්දු-ශ්‍රී ලංකා සංචිතය අපි තවම තෝරලා නැහැ” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
- වැස්සේ පිහිටෙන් ශ්‍රී ලංකාව පියවර දෙකක් උඩට පනියි
ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මනුජ කාරියප්පෙරුම මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වෙත ලබා දී තිබෙන වාර්තාව අනුව, ඔවුන්ට තාවකාලික තරග තහනමක් පනවා මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළා.
එසේම මෙහි ඉදිරි විනය පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් වන තෙක් ඔවුන් තිදෙනා සඳහා ලබා දී තිබෙන මේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම වලංගු වෙන අතර, විමර්ශනවලින් අනතුරුව ඔවුන්ට ලබා දෙන දඬුවම තීරණය කරනු ඇත. එසේම ඉදිරියේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දීය තරගාවලිය ද ඔවුන් තිදෙනාට මඟ හැරී යනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කළ පංච පුද්ගල විනය කමිටුව සඳහා පහත සාමාජිකයින් ඇතුළත් වෙනවා,
- Justice Nimal Dissanayaka (Retd Judge of the Supreme Court of Sri Lanka)
- Mr. Panduka Keerthinanda, Attorney-at-Law
- Mr. Asela Rekawa, Attorney-at-Law
- Mr. Uchitha Wickramasinghe, Attorney-at-Law
- Major General (Retd) M. R. W. De Zoysa
තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<