දිදුල, සඳරු සහ කවිජ කැපී පෙණෙන දක්ෂතා දක්වයි

U 19 Division 1 Schools Cricket 2024/25

5
U 19 Division 1 Schools Cricket 2024/25

වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන සුහද තරග කිහිපයක් අදත් (14) දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැති අතර එම තරගවල දී දිදුල එදිරිසූරිය, සඳරු මල්ශාන් සහ කවිජ ගමගේ දැක් වූ දක්ෂතා කැපී පෙණුනා.

මේ අතුරින් කඳාන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආරම්භක පිතිකරු දිදුල එදිරිසූරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 120ක් ලබා ගත්තා. එය අද දවසේ දී පාසල් ක්‍රිකට් පිටියට එක් වූ එක ම ශතකයයි.

පන්දු යැවීමේ දී දිනයේ කැපී පෙණෙන දක්ෂතා දැක් වීමට පන්දු යවන්නෝ තිදෙනෙක්  සමත් වූවා. මේ අතුරින් රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සඳරු මල්ශාන්, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහි ව ලකුණු 55කට කඩුලු 7ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවිඳු සේනාදි, සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහි ව ලකුණු 59කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

කිංගස්වුඩ් විද්‍යාලයේ කවිජ ගමගේ වෙස්ලි විද්‍යාලයට එරෙහි ව තරගයේ 2 වැනි ඉනිමේ දී ලකුණු 89කට කඩුලු 6ක් දවා ගන්නා ලද අතර ඔහු පළමු ඉනිමේ දී ද ලකුණු 49කට කඩුලු 4ක් දවා ගන්නවා. ඒ අනුව ඔහු එම තරගයේ දී ලකුණු 138කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඊට අමතර ව ඔහු 2 වැනි ඉනිමේ දී පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දැක්වීම කැපී පෙණුනා. එම ඉනිමේ දී ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 75ක් ද ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ද සමත් වෙනවා.

මේ අතර කිංග්ස්වුඩ් විද්‍යාලයේ නිකේශල නානායක්කාර, සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ලශේන් ප්‍රනාන්දු, සාන්ත ආනා විද්‍යාලයේ කුශාන් සුබසිංහ සහ චමිත් සසෙන්ජන, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන් ද විද්‍යාලයේ මහිම් දේශායි, දේවපතිරාජ විද්‍යාලයේ ගිම්හාන් රසාංජන අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී.  

  • වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (50.5)බිනොත් සංදිල් 25, රශ්මික අමරරත්න 34, කවිජ ගමගේ 4/49, ඩොමින්සර පීරිස් 4/11
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (59.0)චනුල් කොඩිතුවක්කු 22, මනුල විජේතුංග 31, ආදිල් ශෙරීෆ් 26, නිකේශල නානායක්කාර 96, ඒශාන් විජේකෝන් 30, දෙනුවන් නෙත්මල් 2/32, රශ්මික අමරරත්න 4/57
  • වෙස්ලි විද්‍යාලය– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 196 (59.3)ශෙහඳු ආතාවුද 25, බිනොත් සන්දිල් 42, දෙනෙත් සිගේරා 22, රුක්ෂාන් තරංග 31, සෙනාල් වීරසේකර 39, කවිජ ගමගේ 6/89, ඩොමින්සර පීරිස් 2/60
  • කිංග්ස්වුඩ් විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 92 (13.5)කවිජ ගමගේ නොදැවී 75

කිංග්ස්වුඩ් විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

අද ආරම්භ වූ තරග

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කඳාන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී.

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 263 (64.0)දිදුල එදිරිසූරිය 120, ට්‍රිශාන් සිල්වා 29, විහඟ රත්නායක 21, මානික්‍ය දේශප්‍රිය 35, අයේෂ් ගජනායක නොදැවී 20, අදේශ් අල්මේදා 2/33, මලින්ත සිල්වා 2/77, අදීශ තිලකරත්න 2/30, රයන් දිසානායක 2/62
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 129 (33.0)උශේන් සිල්වා 45, ලශේන් ප්‍රනාන්දු 68, සමිඳු පීරිස් 2/10

කුරුණැගල සාන්ත ආනා විද්‍යාලය සහ වත්තල සාන්න අන්තෝනි විද්‍යාලය අතර තරගය සාන්ත ආනා විද්‍යාලයීය පිටියේ දී.

  • සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (67.0)දිනුග අබේසේකර 33, කුශාන් සුබසිංහ 95, චමිත් සසෙන්ජන 83, කවිඳු සේනාදි 6/59
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 60 (33.0)තරුශ ප්‍රනීත් නොදැවී 21, යශ්මිත් ජයසුන්දර 2/10

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර තරගය අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී.

  • ශ්‍රී දේවානන්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 161 (49.1)දනිඳු ඉනෝෂ 33, ආංශු ප්‍රේමචන්ද්‍ර 21, මහිම් දේශායි 70, සඳරු මල්ශාන් 7/55
  • දේවපතිරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 211 (55.0)අරෝෂ සිතුමිණ 25, පුල්ජිත් වත්සුක 23, ගිම්හාන් රසාංජන නොදැවී 62, සඳරු මල්ශාන් 26, මතීශ සාරංග නොදැවී 22, රවිඳු ද සිල්වා 3/69

මෙම තරග හෙට (15) 2 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<