ශ්‍රී ලංකා පන්දුවට ඉන්දීය පිත්ත හරස් වේ

481
ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් - AFP Photo

පසුගිය 9 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති ප්‍රථම T20 තරඟය විශිෂ්ට ලෙස ජය ගැනීමත් සමග ICC යේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රසාද ලකුණු 121 ලබා යළිත් ප්‍රථම ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද අද පැවති දෙවන T20 තරඟයේ දී ප්‍රභල ඉන්දීය කණ්ඩායම තරඟය ලකුණු 69කින් ජයග්‍රහණය කරන ලදි .

කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් ඉන්දීය කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට  අැරයුම්‍ කරන ලදි.

පළමු පන්දුවාරයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවනන් හමුවේ ආක්‍රමණශීලී පිති හරඹයක නිරත වු ඉන්දීය ආරම්භක පිතිකරු යුගල වන රෝහිත් ශර්මා හා ශිකර් ධවාන් විසින් පළමු කඩුල්ල සඳහා වෙිගවත් ලකුණු 75 ක සබඳතාවක් ඉන්දීය ලකුණු පුවරුවේ සටහන් කරන ලද්දේ පන්දුවාර 7ක් තුලයි. මෙහිදී ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 22ක් තුල වෙිගවත් අර්ධ ශතකයක් වාර්තා කරමින් තම මංගල අර්ධ ශතකය වාර්තා කරන ලදි.

දනුෂ්ක ගුණතිලක හතරේ පහරක් වැලැක්වීමට දරණ උත්සහය AFP-Photo
දනුෂ්ක ගුණතිලක හතරේ පහරක් වැලැක්වීමට දරණ උත්සහය AFP-Photo

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 196 ක් ලබා ගැනීමට, ශිකර් ධවාන් පන්දු 25ක් තුල 4 පහරවල් 7ක් ද, 6 පහරවල් 2ක් ද සමඟ ලකුණු 51 ක්ද, එයට සහය වු රෝහිත් ශර්මා පන්දු 36කදී ලකුණු 43ක් ලබා ගැනීමට 4 පහරවල් 2 ක් සහ එක් 6 පහරක් එල්ල කරන ලදි. තවද සුරේෂ් රයිනා පන්දු 19ක් තුල  ලකුණු 30 ක්ද, හාර්ඩින් පාන්ඩි පන්දු 12කදී ලකුණු 27ක්ද, අජින්කෙයා රහනේ පන්දු 21ක් තුල ලකුණු 25 ක්ද, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී පන්දු 5 කදී ලකුණු 9 ක් සහ රවීන්ද්‍ර ජඩෙිජා නොදැවී පන්දු 1ක් තුල ලකුණක් ද ලබා ගන්නා ලදි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් hat-trick අවස්ථාවක් ලබා ගත් තිසර පෙරේරා පන්දුවාර 3කදී ලකුණු 33ට කඩුළු 3ක්ද, දුෂ්මන්ත චමීර තම පන්දුවාර 4 තුල ලකුණු 38 කඩුළු 2ක්ද හා සචිත්ත්‍ර සේනානායක පන්දුවාර 4 කදී ලකුණු 40 කට එක් කඩුල්ලක් ද ලබා ගන්නා ලදි .

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වුයේ කඩුළු 9ක් දැවී ලකුණු 127ක් පමණි.

ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමිර ශිකර් ධවාන් දවා ගත් අවස්තාව - AFP Photo
ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමිර ශිකර් ධවාන් දවා ගත් අවස්තාව – AFP Photo

එයට චාමර කපුගෙදර 4 පහරවල් 3 ක් හා එක් 6 පහරක්ද එල්ල කොට පන්දු 27කදී ලකුණු 32ක් ලබා ගත් අතර , නායක දිනේෂ් චන්දිමාල් පන්දු 30කදී ලකුණු 32 ගැනීමට 4 පහරවල් 2ක් එල්ල කල  අතර මිලින්ද සිරිවර්ධන පන්දු 20කදි නොදැවී ලකුණු 28ක් ද, දසුන් ශානක දැවැන්ත 6 පහරවල් 3 සමඟ ලකුණු 28ක් ද, කසුන් රාජිත නොදැවී  පන්දු 7කදි ලකුණු 3ක්ද, දනුෂ්ක ගුණතිලක ලකුණු 2ක්ද, සීකුගේ ප්‍රසන්න එක් ලකුණක්ද ලබා ගන්නා ලදි .මෙහිදී සිදු වු විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකික පිතිකරුවන් 4දෙනෙකු ලකුණු නොලබා නරඹන්නන් බවට පත් වීමයි.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් රවිචන්දරන් අශ්වින් පන්දුවාර 4කදී  ලකුණු 14කට කඩුළු 3ක් ද, අශිෂ් නෙහෙරා  පන්දුවාර 3 කදී ලකුණු 26කට කඩුළු 2 දවා ගන්නා ලදි.

*තරගයේ වීරයා ලෙස ශිකර් ධවාන් සම්මාන දිනා ගත් අතර , ඒත් සමගින් තරගාවලිය 1-1 ලෙස සම කිරීමට ඉන්දියානුවන් සමත් විය.

 දෙරට අතර මීළඟ තරඟය ලබන 14 වන ඉරිදා විශාකාපටිටම් හීදී පැවැත්වීමට නියමිතය.