සුපිරි අට දෙනාගේ වටයේ යුධ හමුදාව අපරාජිතව පෙරමුණේ

341

ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා පාපන්දු  සංගමය එක්ව සංවිධානය කරන ලද ඩයලොග් චැම්පියන් ලිග් පාපන්දු තරගාවලියට අයත්සුපිරි කණ්ඩායම්  අට සහභාගි වු තරග පසුගියදා සුගතදාස ක්‍රිඩාංගණයේදි පැවැත්විය.

සුපිරි අට වටයේ සිව්වන සතියේ තරග අවසානයේ ලකුණු සටහනට අනුව යුධ හමුදා පාපන්දු කණ්ඩායම එහි පෙරමුණ ගෙන ඇති අතර ඔවුන්සහභාගි වු තරග හතරෙන් 2ක් ජයගෙන ඉන් තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් වු බැවින් ප්‍රසාද ලකුණු 11 ලබාගෙන තරග ලකුණු සටහනේ ප්‍රමුඛතාව හිමි කරගෙන ඇත.

සුපිරි 8දෙනාගේ වටයේ තවත් තරගයක් ක්‍රිස්ටල්  පැලස් පාපන්දු කණ්ඩායම හා යුධ හමුදා පාපන්දු කණ්ඩායම  සමගින් පැවති තරගය ගෝල 2-2ක් ලෙස ජය පරාජයෙන් තොර විය. යුධ හමුදාව වෙනුවෙන් ධනුෂ්ක විජේසිරි ගෝල 2ක් වාර්තා කිරිමට සමත් වු අතර ක්‍රිස්ටල් පැලස්කණ්ඩායම වෙනුවෙන් ඊ.අයි. අබා සහ මොහොමඩ් ශමිල් ගෝල එක බැගින් රැස් කලේය.

නාවික හමුදා පාපන්දු කණ්ඩායම සහ බ්ලු ස්ටාර් පාපන්දු කණ්ඩායම අතර පැවති සුපිරි 8දෙනාගේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුයේදෙපිලටම ගෝල වාර්තා කිරිමට නොහැකි විම හේතුවෙනි.

සුපිරි 8දෙනාගේ වටයේ තවත් තරගයක් ජය ගැනිමට නැවියන්ට හැකි විය. ඒ ගෝල 2-1 ලෙස තියුණු තරගයකින් අනතුරුව ජාවාලෙන් පාපන්දුකණ්ඩායම පරාජය කරමිනි.

සිව්වන සතිය නිමාවන විට කොළඹ පාපන්දු සමාජය ලකුණු සටහනේ පියවරක් පසුබැස දෙවැනි ස්ථානයට පත්ව තිබේ. ඒ තරග 3කට සහභාගි විඉන් 2ක් ජයගෙන එක් තරගයක් ජය පරාජයෙන් තොරව ප්‍රසාද ලකුණු 10 ලබාගනිමිනි. ප්‍රසාද ලකුණු 09 ලබා ගත් රිනවුන් පාපන්දු කන්ඩායමතෙවැනි ස්ථානයත්, පිළිවෙළින් සිව්වන සහ පස්වන ස්ථාන නාවික හමුදා පාපන්දු කන්ඩායමට සහ බ්ලු ස්ටාර් පාපන්දු  කණ්ඩායමට හිමි වි ඇත.සතිය අවසානයේ ජාවාලෙන් පාපන්දු කණ්ඩායම ලකුණු සටහනේ 8 ස්ථානයේ රැදි සිටින අතර ඔවුන් සහභාගි වු තරග ත්‍රිත්වයම පරාජය වි ඇත.