ජාතික මහා ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් ජය බස්නාහිරට

257

41වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ වෙරළ වොලිබෝල් තරග පසුගියදා ත්‍රිකුණාමල වෙරළ තිරයේදි නිමාවට පත් වු අතර එහිදි පිරිමි වෙරළ වොලිබෝල්  සහ කාන්තා වෙරළ වොලිබෝල් යන ඉසව් ද්විත්වයටම හිමි ශුරතා දිනා ගැනිමට බස්නාහිර පළාතට හැකිවිය.

පිරිමි වෙරළ වොලිබෝල් අවසන් වටයේදී වයඹ පළාත නියෝජනය කළ එස්.එම් යාපා, ඒ.එස් දිලේක යුගලය සමගින්බස්නාහිර පළාත නියෝජනය කළ පි.කේ එකනායක, එ.පි කුමාර යුගලය තරග වැදුනු අතර එහිදි තියුණු තරගයකින්අනතුරුව වයඹ කණ්ඩායම පරාජය කොට ශුරතාවට හිමිකම් කිමට බස්නාහිර පළාත් කණ්ඩායමට හැකි විය. එමඉසව්වේම තෙවැනි ස්ථානය සබරගමු පළාතට හිමි විය.

මේ අතර කාන්තා වෙරළ වොලිබෝල් අවසන් මහ තරගයේදී නිරංජලි ගුණසිංහ හා ජි.එල් ගුණවර්ධන නියෝජනයකළ බස්නාහිර පළාත් යුගලය ඉදිරියේ බි.ජි සාගරි සහ ඩබ්ලිව්.පි තුෂාරි නියෝජනය කළ දකුණු පළාත් යුගලයපරාජයට පත් වු අතර කාන්තා වෙරළ වොලිබෝල් තුන්වැනි ස්ථානය වයඹ පළාතට හිමි විය.

දක්ෂතම වෙරළ වොලිබෝල් ක්‍රීඩකයා ලෙස බස්නාහිර පළාත නියෝජනය කළ අසංක ප්‍රදිප් සම්මාන ලැබු අතරබස්නාහිර පළාතේම නිරංජලි ගුණසිංහ දක්ෂතම වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර  විය.